30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති අනුර නිල සංචාරයක් සඳහා අද මාලදිවයිනට

ජනපති අනුර නිල සංචාරයක් සඳහා අද මාලදිවයිනට

ශ්‍රී ලංකාව සහ මාල­දි­ව­යින අතර  සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දෙදින රාජ්‍ය සංචා­ර­යක් සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අද (28) මාල­දි­ව­යින බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එරට ජනා­ධි­පති මොහො­මද් මුයි­සුගේ ආරා­ධ­න­යක් මත මාල­දි­ව­යිනේ සංචා­ර­යක නිරත වන ජනා­ධි­ප­ති­ව­රයා එළ­ඹෙන 30දා දක්වා එරට රැඳී සිටින බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳහන් කරනවා.

මෙම සංචා­රය අත­ර­තුර දෙරටේ ජනා­ධි­ප­ති­ව­රුන් ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත අතර අන්‍යෝන්‍ය සහ­යෝ­ගී­තාව වර්ධ­නය කිරීම සඳහා ගිවි­සුම් කිහි­ප­යක් හුව­මාරු කර ගැනී­මට නිය­මිත බව ද විදේශ අමා­ත්‍යාං­ශය සඳහන් කරනවා.

ඊට අම­ත­රව ජනා­ධි­ප­ති­වරයා මෙම සංචා­රය අත­ර­තුර මාල­දි­ව­යිනේ ව්‍යාපා­රික සංස­දය ඇම­තී­මට සහ ශ්‍රී ලාංකික විදේ­ශ­ගත ප්‍රජාව හමු­වී­මට ද නිය­මි­තයි.