ඇල්ල සංචාරක කලාපයට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
නව රජයේ ක්‍රමවත් වැඩපිළිවෙළ යටතේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රගතියක් අතරකර ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.
සංචාරයින් මිලියන 3ක්/ ගෙන්වා ගැනීමේ ඉලක්කය/ සපුරාලීම සදහා ද/ රජය/ ව්‍යාපෘති රැසක්/ ආරම්භකර තිබෙනවා.
මෙම වසරේ දී සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 4ක ආදායමක් ඉපැයීම අපේක්ෂාවයි.
පසුගිය මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයින් 138,241 දෙනෙකු පැමිණියා.
පසුගිය වසරේ ජූනි මාසයේ දී විදෙස් සංචාරකයින් පැමිණ ඇත්තේ 113,470 දෙනෙකු පමණයි.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සියයට 21.8 වර්ධනයක් වනවා.
පසුගිය වසර හා සසදනවිට මෙම වසරේ මාසයක් තුළ සංචාරකයින් පැමිණීමේ ඉහළම ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ ජූනි මාසයේදීයි.
මේ වනවිට සංචාරක කලාප බොහොමයක් සංචාරකයින්ගෙන් පිරී පවතිනවා.
ඇල්ල ප්‍රදේශයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් වෙනුවෙන් පහසුකම් වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ඔවුන් ආරුක්කු නවය පාලම නැරඹීම සදහා වැඩි වශයෙන් පෙළඹෙනවා.
සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් එම ආරුක්කු නවය පාලම මතින් දුම්රිය ගමන් කරන ආකාරය නිවැරදිව දැකගත හැකි ලෙසට ඉදිකිරීම් කිහිපයක් ද මේ දිනවල සිදුවනවා.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ නව රජයේ වැඩපිළිවෙළ හමුවේ සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති බවයි.