28.4 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්ධු තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය හෙට

දේශබන්ධු තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය හෙට

ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය හෙට (අගෝස්තු 5 ) විවාද කිරීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා.

මේ අනුව අගෝස්තු 5, 6 සහ 7 තෙදින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අගෝස්තු 8 වැනි සිකුරාදාට යෙදී ඇති නිකිණි පොහොය හේතුවෙන් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.