25.6 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොළොන්නරුවේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක්

පොළොන්නරුවේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක්

පොළොන්නරුව දිස්ත්‍රික් මිරිදිය ධීවර ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පසුගියදා (02) සාකච්ඡා කෙරුණා.

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ සංවිධානයෙන් පැවති මෙම රැස්වීමේදී, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ පහක් වන මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ, පරාක්‍රම සමුද්‍රය සහ මාදුරු ඔය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

එහිදී, තහනම් දැල් ආම්පන්න භාවිතය, නීතිවිරෝධී මසුන් ඇල්ලීම් වැළැක්වීමට ඇති අපහසුතා, ආක්‍රමණශීලී ජලජ පැළෑටි වර්ධනය හේතුවෙන් ජලාශවල ධාරිතාව අඩුවීම, මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ ගැටලු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දීමේදී පැන නගින ගැටලු පිළිබඳව ධීවර ප්‍රජාව විසින් අදහස් ඉදිරිපත් කළා.

නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින්, මෙය දිවයින පුරා පවත්වන මිරිදිය ධීවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ ආරම්භක රැස්වීම බව සඳහන් කළා.

ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීම, ධීවර පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ධීවර නිෂ්පාදන අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙන ඒම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු බව ද ඒ මහතා පෙන්වා දුන්නා.

එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ගැටලු විසඳීම සඳහා ලබන අගෝස්තු 6 වැනි දින පාර්ලිමේන්තුවේදී පරිසර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ , දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියා