29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (11) දිනයේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ද ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීම් හා විශබීජහරණය කටයුතු හේතුවෙනුයි ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.

මේ අනුව නිට්ටඹුව කන්දහේන , මාපගොල්ල , කෝංගස්දෙණිය , පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකදෙනිය , රංපොකුණගම , රංපොකුණගම නිවාස යෝජනාක්‍රමය , බටලීය , අත්තනගල්ල , පස්යාල , ඌරාපොල , දික්කන්ද, මීවිටිගම්මන , මාඉඹුල , මාතලාන ම, හක්ගල්ල , අලවල , කලල්පිටිය , ඇල්ලමුල්ල යන ප්‍ර දේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවෙනවා.

අද (11) පෙරවරු දහයේ සිට රාත්‍රී 8 දක්වා පැය 10ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.