28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපින්නවල අලි අනාථාගාරයේදී අලි දිනය සැමරේ

පින්නවල අලි අනාථාගාරයේදී අලි දිනය සැමරේ

සෑම වසරකම අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර අලි දිනය අලි ඇතුන්ගේ වැදගත්කම, අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් ලෝකවාසී සියලු දෙනාගේ අවධානය යොමු වන දිනයයි.

අලි ඇතුන්ගේ අගනා ජීවිත රැක ගැනීම වෙනුවෙන් සුවිසල් කාර්යභාර්යක් පැවරී ඇති අතර එම අරමුණු පෙරදැරි කොට ගෙන මෙම විශේෂ දිනයේ දී ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව වැඩසටහන් මාලාවක් ඊයේ (12)පෙරවරුවේදී පින්නවල අලිය අනාථගාරයේදී පැවැත්වුණා.

ඒ අනුව ධාන්‍ය වර්ගවලින් ප්‍රණීත කිරිබතක් අලි ඇතුන් වෙනුවෙන් සැකසූ අතර පලතුරු වලින් ද අලි ඇතුන්ට සංග්‍රහ කෙරුණා.

අලි ඇතුන් නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයින්ට ද අලි ඇතුන් වෙනුවෙන් එම සංග්‍රහය පිරිනැමීමට අවස්ථාව සලසා දීම ද මෙහිදි සිදුවූ විශේෂ සිදුවීමකි.

ඉන් අනතුරුව පැමිණ සිටි ශිෂ්‍ය කණ්ඩායම් විසින් පින්නවල අලි අනාතාගාරය පිරිසිදු කළ අතර අලි ඇතුන් නෑවීමේ කටයුතු ද සිදු කෙරුණා.

මේ වන විට අලි ඇතුන් 66 කට රැකවරණය සපයන පින්නවල අලි අනාථාගාරය ජාතික හා ප්‍රාදේශීය ආර්ථිකයට මහඟු දායකත්වයක් සපයමින් දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්වභාවික වාසස්ථානවල දිවි ගෙවන්නා වූ අලි ඇතුන් අනාගතයේ යම් දිනක වඳ වී යාමේ ගැටලුවට ලක් වුවහොත් එම සත්ව විශේෂයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට හා ජාන විවිධත්වයට බලපෑමක් ඇති නොවන පරිදි සංරක්ෂිත ගහනයක් වශයෙන් ශ්‍රී ලාංකික අලි ඇතුන් තිරසර ලෙස සංරක්ෂණය සිදු කිරීම ද පින්නවල අලි අනාථාගාරය මගින් සිදුවෙනවා.