28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල පොලිස් වසමේ තුන්නාන ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව ඇති බව හංවැල්ල පොලිසිය පවසනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළා.

තුවාලකරු 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.