32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියානු කුසලානයට පාකිස්තාන සංචිතය නම් කෙරේ

ආසියානු කුසලානයට පාකිස්තාන සංචිතය නම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා වන පාකිස්තාන විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක සංචිතයක් මේ සඳහා නම් කර තිබෙනවා.

ඒ අනුව මෙවර ආසියානු කුසලානය විස්සයි20 සංචිතයට පකිස්ථාන සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් සංචිතයට ඇතුළත් කර නොමැතිවීම විශේෂත්වයක්.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 9වනදා ආරම්භ වනවා.

එම තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම එරටදී තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමට නියමිතයි.