31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද (01) පැවැත්වෙනවා.

ඒ, පොලිස්පති, ප්‍රියන්ත වීරසුරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී උත්සවය පැවැත්වෙන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙණ නිළධාරි (පාලන) දීප්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

1984 වසරේ සැත්තැම්බර් 1 වනදා උතුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ගමන් කළ රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පුපුරුවා හැරි බෝම්බයකට හසුව පළමුවරට විශේෂ කාර්ය බලකායේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.

එම සිදුවීම සිහිකරමිනුයි අද 901) මෙලෙස විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අනුස්මරණය කෙරෙන්නේ.