27 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට නිපදවන ලද ගිනි අවියක් සමග කාන්තාවක් අත් අඩංගුවට

මෙරට නිපදවන ලද ගිනි අවියක් සමග කාන්තාවක් අත් අඩංගුවට

වේවැල්දෙණිය බංගලාවත්ත ප්‍රදේශයේ නිවසක පිටුපස මුළුතැන්ගෙයි තරප්පු පේලිය යට, පොහොර උරයක සඟවා තිබූ, මෙරට නිපදවූ බලපත්‍රයක් නොමැති ටී–56 ගිනි අවියට සමාන ගල්කටස් ආකාරයේ ගිනි අවියක් දංඕවිට පොලීසිය සොයා ගත්තේය. එම අවස්ථාවේදී, එම නිවසේ සිටි කාන්තාවක් ද අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, අත් අඩංගුවට ගත් ඇය අවුරුදු 37 ක් වයසැති, වේවැල්දෙණිය බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවක් බවයි.

තවද, ඇයගෙන් ප්‍රශ්ණ කිරීම් සිදුකිරීමේදී, අදාල ගිනි අවිය නිශ්පාදනය කර ඇත්තේ සම්ප්‍රතික්‍ෂේපයෙන් මාස අටකට පමණ පෙර මියගිය තම අනියම් සැමියා බවත්, ඔහු යුද හමුදාවේ සේවය කලේ යැයි අනාවරණය වී ඇත.