30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගමින් ගමට නොව ගෙයින් ගෙට ගියත් නාමල්ට චාන්ස් එකක් දෙන්නෑ

ගමින් ගමට නොව ගෙයින් ගෙට ගියත් නාමල්ට චාන්ස් එකක් දෙන්නෑ

පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

එසේ සිදුකළ අය මේ වන විට ගමින් ගමට යන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තා සේ, තමාද අත්අඩංගුවට ගතහොත්, එහි පැමිණෙන ලෙස දැනුම් දෙන්නටදැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා විමසයි.

එහෙත් ගමින් ගමට නොව, ගෙයින් ගෙට ගියත් නාමල් රාජපක්ෂට යළිත් අවස්ථාවක් නොලැබෙන බව මුළු රටේම ජනතාව දන්නා බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.