25 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධීව විදෙස් ගමන් බලපත්‍ර රැසක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව විදෙස් ගමන් බලපත්‍ර රැසක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකින් අනතුරු මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 51ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 62ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගණේමුල්ල පොලීසිය විසින් සිදුකරති.