මහජනතාව දැනුම්වත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයන් විනෝදාස්වාදය සඳහා අහස් පහන් කූඩු ගුවන්ගත කිරීම සිදුකරනු ලබන අතර එම පහන් කූඩු ඇතැම් අවස්ථාවලදී පොළොවට පතිත වී ගිනිගෙන විනාශ වීමේ අවධානමක් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ගිනිකෙළි කර්මාන්ත ශාලා, ඉන්ධන පිරවුම්හල්, ඉන්ධන ගබඩා කර ඇති ස්ථාන, නිවාස හා ගොඩනැගිලි ආදිය මතට මෙම අහස් පහන් කූඩු ගිනිගෙන පතිත වුවහොත් අදාළ ස්ථානයන්ට මෙන්ම ජීවිත වලටද හානි සිදුවිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
මෙවැනි අහස් පහන් කූඩු යම් හෙයකින් ගිනි ගෙන නගරය ආශ්‍රිත විශේෂ මර්මස්ථානයකට හෝ මිනිසුන් පදිංචි නිවාස, මහල් නිවාස මත පතිතව යම් කිසි ආකාරයකට ගිනි ගැනීමක් සිදුවුවහොත් විශාල ජීවිත හා දේපළ හානි ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව පොලීසිය සඳහන් කරයි.
අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඒවායෙහි ව්‍යාප්තිය සහ අවදානම් සහගත තත්ත්වය පිළිබඳව අදාළ ගුවන් ගත කරනු ලබන ප්‍රදේශ ආශ්‍රිත මහජනතාව වෙත පූර්ව දැනුම්දීමක් සිදු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුළින් දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බවද පොලීසිය සඳහන් කරයි.
විශේෂ උත්සව අවස්ථාවන් ඇතුළු අනෙකුත් අහස් පහන් කූඩු භාවිතා කරන අවස්ථාවන්හිදී ඉතා සැලකිළිමත්ව හා වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.