27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 27කට වැඩිය වටිනා දුම්වැටි තොගයක් රාජසන්තක වෙයි

කෝටි 27කට වැඩිය වටිනා දුම්වැටි තොගයක් රාජසන්තක වෙයි

ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ආකාරයට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් රාජසන්තක කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගුව සඳහන් කරන්නේ පහුගිය මැයි මස 25 වැනිදා සිට ජුලි මස 20 වැනිදා දක්වා අතර කාලය තුළදී ශ්‍රී ලංකා රේගුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රේගු නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබ තිබූ නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය දුම්වැටි දහඅට ලක්ෂ විසිහය දහස් හත්සිය අසූ අටක් (1,826,788) මෙසේ රාජසන්තක කර ඇති බවයි.

එමෙන්ම මෙම දුම්වැටි තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් විසිහත් කෝටි හතළිස් ලක්ෂ දහඅට දහස් දෙසියක් (274,018,200) පමණ වන බවද ‍සඳහන්.

යම් ලෙසකින් මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් රාජ්‍ය ආදායම් අහිමිවීම රු.297,668,674 ක් පමණ වන බවයි ඔවුන් පවසන්නේ.

රේගු ආඥා පනතේ 12, 43 වන වගන්ති අනුවද 1999 අංක 8 දරන දුම්කොල පනත අනුවද ශ්‍රී ලංකාව තුළට දුම්වැටි රැගෙන ඒම හෝ ආනයනය කිරීම හෝ නීති විරෝධී ක්‍රියාවක්.

කෙසේ වෙතත් ඉහත සිගරට් තොගය විනාශ කිරීම ශ්‍රීලංකා රේගුවේ අධීක්ෂණයෙන් සහ දුම්කොළ සමාගමේ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද (11)  දින පෙරවරු 9.30 ට කෙරවලපිටිය ඝන අපද්‍රව්‍ය විදුලිබලාගාරයේදී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.