27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසයි.

පසුගිය 24 වනදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ (10) අදෑසන අත්තිඩිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වෙඩි තැබීමට පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි.

ඔහු වයස අවුරුදු 22 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

එමෙන්ම පසුගිය 22 වනදා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙකුව ඊයේ දහවල් කාලයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු ඊයේ  රාගම, ලින්ටන් ක්‍රිඩාංගණය අසලදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

සැකකරු වයස අවුරුදු 17 ක් වන අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

රාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.