30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇත් දළ යුගලක් සමග හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට

ඇත් දළ යුගලක් සමග හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට

මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී ඇත් දළ යුගලක් සන්තකයේ තබාගෙන සිටි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු වන හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

මොරගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව මොරගොඩ හල්මිල්ලෑව ප්‍රදේශයේදි සිදුකළ මෙහෙයුමකදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුට අයිති හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර එම ඇත් දළ යුගලය අඩියක් පමණ දිගකින් යුක්ත වන බව පොලිසිය සඳහන් කළේය.

පොලීසිය සිය භාරයට ගෙන ඇති ඇත් දළ යුගලය හා සැකකරු අද (15) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.