30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියගේ පුත් රමිත් උපයාගත් වත්කම් එළියට

කෙහෙළියගේ පුත් රමිත් උපයාගත් වත්කම් එළියට

2022-01-01 සිට 2023-09-14 දක්වා කාලය තුළ රු.296,566,444.76 වත්කම් උපයා එයින් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට නොහැකි රු.275,302,616.06 වටිනාකමකින් යුතු වත්කම් උපයා තිබීම හේතුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කළේය.

රමිත රඹුක්වැල්ල උපයාගෙන ඇති වත්කම් කිහිපයක් පහතින්..

*2023-03-20 කොළඹ 07 ධර්මපාල මාවතේ නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 80ක මුදලක් වැයකර තිබීම.

*2023-07-24 කොළඹ 07 ධර්මපාල මාවතේ නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 65ක මුදලක් වැයකර තිබීම.

*2023-02-04 ඩිස්කවරි ජීප් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් 18 මිලියන දෙලක්ෂ පනස් දහසක මුදලක් වැයකර තිබීම.

*2022-12-09 දින ඔහුගේ බිරිඳ වන නැටලි ෂනෙල් ගුණවර්ධන යන අයගේ කොළඹ පුද්ගලික බැංකුවක ස්ථාවර තැන්පත් ගිණුම් 5ක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 280ක මුදලක් වැයකර තිබීම.

*2022-12-27 සහ 2023-03-13 දින ඔහුගේ නමින් නොවල රාජ්‍ය බැංකුවක රුපියල් ලක්ෂ 200 බැගින් ස්ථාවර තැන්පත් ගිණුම් 2ක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 400ක මුදලක් වැය කර තිබීම.

*2022-01-01 සිට 2023-9-14 දක්වා රාජ්‍ය බැංකුවකින් 151 වතාවක් Online payment ආකාරයෙන් ලබාගෙන ඇති භාණ්ඩ හා සේවා වෙනුවෙන් රුපියල් 78 ලක්ෂ තිස්අටදහස් නවසිය අනූහතරයි ශත හතලිහක මුදලක් වැයකර තිබීම.

*2022-01-01 සිට 2023-09-14 දක්වා පුද්ගලික බැංකුවක අවස්ථා 25 කදී රුපියල් 44 ලක්ෂ පනස්දහසක මුදලක් තැන්පත් කර තිබීම.

*2022-01-01 සිට 2023-09-14 දක්වා පුද්ගලික බැංකුවකින් Debit Card භාවිතාකර අවස්ථා 455කදී රුපියල් 56 ලක්ෂ පනස් හය දහස් හතලිස් හතරයි ශත දහතුනක මුදලක් වැයකර තිබීම.