කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක උණුසුම් දර්ශකය අද (16 වැනිදා) දිනයේදී “අවධානය යොමුකළ යුතු’ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව, බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක, වයඹ පළාත, උතුරු මැද පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත, ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය සහ දකුණු පළාතේ හම්බන්තොට යන දිස්ත්‍රික්කයේ උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය මෙලෙස අවධානය යොමු කළ යුතු අගයක් දක්වා ඉහළ යන්නේය.
මෙම දිස්ත්‍රික්ක හා පළාත්වල උණුසුම් දර්ශකය 39 ත් 45 ත් අතර අගයක් දක්වා ඉහළ යන බැවින්, එවැනි තත්වයක් තුළදී වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවන බවත්, වැඩි වේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඬු පෙරලීම ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැඩබිම්වලදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.