මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.