26 C
Colombo
Thursday, October 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2025 දෙවන කාර්තුවේ දී  4.9% ක ආර්ථික වර්ධනයක්

2025 දෙවන කාර්තුවේ දී  4.9% ක ආර්ථික වර්ධනයක්

මේ වසරේ (2025) දෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ (2024) දෙවන කාර්තුවේ ස්ථාවර මිල  ගණන් යටතේ රුපියල් මිලියන 2,749,504 ක් ලෙස
වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, මේ වසරේ ( 2025) දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 2,883,559 ක් දක්වා ඉහළ
ගොස් ඇත.
මේ වසරේ (2025) දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා
ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 2.0, සියයට 5.8 ක් සහ සියයට 3.9 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා
කර ඇත.

2025 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (15 ) මේ බව අනාවරණය කළේය.