25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංවිම අද – හෙට ලෙඩින්

ලංවිම අද – හෙට ලෙඩින්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළ හරහා සේවකයන්ට සිදුවන අපහසුතාවන්ට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය පළ කරමින් අද (17දා) සහ හෙට (18දා) විදුලි සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

ලංවිම වෘත්තීය සමිති නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ලංකා විදුලිබල මණ්ඩල විධායක කමිටු සාමාජික, ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා ඊයේ (16දා) පැවසීය.

පසුගිය 04දා මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් පවත්වාගෙන ගිය බවත්, එය තවදුරටත් දැඩි කරමින් රාජකාරියට අමතර සියලු බාහිර කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම පස්වරු 04න් පසුව සිදුවන විදුලිය බිඳවැටීම් යථාවත් නොකිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට සහභාගි නොවීම සහ ටෙන්ඩර් කමිටුවලින් ඉවත්වීමට ද සිය සංගම් තීරණය කර ඇතැයි ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

විදුලි වෘත්තීය සමිති ඒකාබද්ධව ගත් තීරණයට අනුව අද සහ හෙට මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු සේවකයන් කොටස් දෙකකට බෙදී ලෙඩ නිවාඩු වාර්තා කර විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ද තීරණය කර ඇතැයි ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.