28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකහ සහ ඉඟුරු වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

කහ සහ ඉඟුරු වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ ගොවියා තමන් විසින් සිදුකරනු ලබන “ඉඟුරු” වගාව සඳහා අක්කරයකට රුපියල් 200,000 ක් දක්වා රක්ෂණාවරණයක් ලබාගැනීමට හැකියාව ඇති බවයි.

ඒ සඳහා 7%ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ වන අලි හානි සඳහා රක්ෂණවරණය ලබාගැනීමට හැකියාව ඇති බව සඳහන්.

එමෙන්ම “කහ ” වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිමය රුපියල් ලක්ෂ 7 ක් දක්වා රක්ෂණවරණයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.