24.5 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ප්‍රදේශ කීපයක අද පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කීපයක අද පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (18දා) පැය 09ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට අද ජල සැපයුම අත්හිටුවන අතර බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල,

නුගේගොඩ, නාවල, කොලොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට මෙලෙස පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.