විදුලි පාරිභෝගිකයන් අපහසුතාවකට පත් නොවුනත් විදුලි සේවකයින් අද දිනයේදීත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා.
ලබන 21 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යන ලෙසටත් සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙසත් ඉල්ලමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිස ඇත්තේ.
කෙසේ වෙතත් ඔවුන් ඉල්ලීම් 24 ක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විටත් විදුලි සේවකයින් ඉදිරිපත් කළ සාධාර ඉල්ලීම් 14න් 12කට විදුලි බල අමාත්‍යවරයා විසඳුම් ලබාදීමට එකඟත්වය පළකර ඇති අතර එම විසඳුම් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවකයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඔවුන් එළඹී ඇත්තේ.
වත්මන් රජය විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බවට ස්ථිරව ප්‍රකාශ කර තිබියදීත් මෙවැනි උද්ඝෝෂණ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් සිදුකරන ක්‍රියාවන් බවයි විදුලිබල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ඇතැම් විදුලි සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය විදුලි පාරිභෝගිකයන්ට තවමත් බලපෑමක් සිදුකර නැහැ.