25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව දියවඩන නිලමේ පත් කෙරෙන නිලවරණය නොවැ. 7 දළදා මැඳුරේදී

නව දියවඩන නිලමේ පත් කෙරෙන නිලවරණය නොවැ. 7 දළදා මැඳුරේදී

ලක්දිව බෞද්ධ ජනයාගේ ගිහි භාරකාරයා හෙවත් දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණය සහිත රැස්වීම ලබන නොවැම්බර් 07 දා ශ්‍රී දළදා මාලිගාවේදී පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ.එම්. ගාමිණි සේනාරත්න මහතා පවසයි.

නිල කාලය අවසන් වීමෙන් පසු නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාවේ තාවකාලික ගිහි භාරකරු ලෙස පත්කර තිබෙන බවත් නව දියවඩන නිලමේවරයකු තෝරා පත් කර ගැනීමේ රැස්වීම සම්බන්ධ වැඩකටයුතු විහාර දේවාලගම් පනත ප්‍රකාරව සිදු කරමින් පවතින බවත් ඒ මහතා කීය. මහනුවර දී ඊයේ (18) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සේනාරත්න මහතා මේ බව පැවසුවේය.

දියවඩන නිලමේ ධුර කාලය සංශෝධනය කිරීම පිළිබඳව මේ වනවිට කිසිදු සාකච්ඡාවක් නොකෙරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. ශාසනික සම්ප්‍රදායන්ට පටහැනිව විනය විරෝධීව හා ධර්ම විරෝධීව කටයුතු කරන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ දක්වා ඇති විහාර දේවාලගම් පනතේ 42 හා 43 වගන්ති සංශෝධනය කිරීම සඳහා වන සාකච්ඡා මේ වනවිට සිදු කරමින් පවතින බව ද හෙතෙම අවධාරණය කළේය.

විහාරස්ථාන සම්බන්ධ නෛතික ගැටලු උතුරේ පමණක් නොව ලංකාව පුරා පවතින බවද, විහාර දේවාලගම් පනත යටතේ පාලනය වන විහාරස්ථාන සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.