25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෝනගේ වත්කම් මගේ වත්කම් පටල ගන්න එපා

නෝනගේ වත්කම් මගේ වත්කම් පටල ගන්න එපා

හිටපු මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් මේ වන විට රජයට වාර්තා ලබා දී ඇති අතර ඒවා සම්බන්ධයෙන් වර්තමානයේ විවිධ ගැටලු මතු වී තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගෙන් වත්කම් හා බැරකම් පිළිබඳව විමසීමේදී මාධ්‍යවේදියෙකු අදහස් වීමේදී එතුමා සඳහන් කරේ ඇත්තටම ඔහු බිරිඳගෙන් ගොඩ ගියා කියලා කිව්වොත් ඒකත් හරි කියලයි.

හේතුව ඔහුගේ බිරිඳගේ පරම්පරාවේ පුද්ගලයන් අවුරුදු හතලිහකටත් පෙර දක්ෂ ව්‍යාපාරිකයන් නිසා මහින්ද රාජපක්ෂගේ පවුලට වඩා වත්කම් හා බැරකම් ඔවුන් සතු බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

එමෙන්ම කාට හෝ ඔහුගේ වත්කම් හා බැරකම් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඔහු අයථා ලෙස උපයාගෙන තිබේ නම් ඒවා ජනතාවට බෙදා දීමට ඔහු සූදානම් බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහුට බිරිඳගෙන් ලැබුණු දේවල් ත්‍යාග වශයෙන් පවුලෙන් ලැබුණු දේවල් සියලු දේ තිබෙන අතර බිරිඳගේ වත්කම් සහ ඔහුගේ වත්කම් සමග ඔහුගේ වත්කම් පටලවාගෙන ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේය.