28 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිරි මාස දෙකේදී සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900 ක් බඳවා ගන්න සැලසුම්

ඉදිරි මාස දෙකේදී සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900 ක් බඳවා ගන්න සැලසුම්


රෝහල් වල අතරමඟ නවතා ඇති ඉදිකිරිම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුලත අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45 ක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .

සෞඛ්‍ය කාර්ය සහායකයින් 1900 ඉදිරි මාස දෙකේදී බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ .

ක්ෂේත්‍ර රාජකාරි වල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙල ලබන අප්‍රේල් මස වන විට ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා .

අමාත්‍යවරයා මේ බව කීවේ අම්පාර දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති හමුවකදීයි .

මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත් එයින් සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කෙරෙන බව අමාත්‍යවරයා පැවසුවා .