26.7 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්ගේ අනාගතය හදන්න සියලු දෙනාම එකතු විය යුතුයි

නාමල්ගේ අනාගතය හදන්න සියලු දෙනාම එකතු විය යුතුයි

නාමල් රාජපක්ෂගේ අනාගතය හදන්න සියලු දෙනාම එකතු කරගන්න තමාට අවශ්‍ය බවත් හැරගිය සියලු දෙනා නැවත එකතු කරගන්න ඕනෑ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,

“මෙහෙමයි. මම ජීවිතේකට තනතුරු බලාගෙන නෙමෙයි වැඩ කරේ. තනතුරු හැමදාම මගෙ ලගට ආවේ. මම වැඩ කරනවා. මට වැඩක් භාර දුන්නොත් මම ඒක හරියට කරන කෙනෙක්.

ඇමතිකන් කාගෙන්වත් ඉල්ලුවේ නෑ. මහින්ද මහත්තයාගෙන් අහන්න, එක දවසක් කැබිනට් ඇමතිකම් දෙකක් මම එපා කිවුවා. ඔබතුමාගේ යටතේ ඉන්නම් කීවා නියෝජ්‍ය ඇමති වෙලා.”

“මම පොහොට්ටුව හැර ගිහිල්ලත් නෑ. පොහොට්ටුවේ අය මාව හැර ගිහිල්ලත් නෑ. ඒක එහෙමම තියෙනවා. නාමල් රාජපක්ෂගේ අනාගතය හදන්න මට ඕනේ මේ සියලු දෙනාම එකතු කරගන්න. මේ හැරගිය ඔක්කොම එකතු වෙන්න ඕන.”