26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසම්පත් මනම්පේරි වළ දැමූ ආයුධ තොගයක් සොයා ගැනේ

සම්පත් මනම්පේරි වළ දැමූ ආයුධ තොගයක් සොයා ගැනේ

සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබෙනවා.

ඒ, ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදීයි.

පොලීසිය පැවසුවේ, එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් එකක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බවයි.

මෙම ආයුධ සැකකරු විසින් පසුගිය 3 වැනිදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා ගොස් ඇතැයි සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය සහ කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා පසුගිය 17 වැනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණා.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා ඊයේ (21) බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ආවේ මිද්දෙණිය ප්‍රදේශයේ ඔහුට අයත් ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය වළ දමා තිබී සොයා ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම සඳහායි.