23.9 C
Colombo
Friday, November 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිසි වැඩකට නෑ.. ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ.. – මහින්ද

කිසි වැඩකට නෑ.. ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ.. – මහින්ද

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කළුතර ඔහුගේ නිවසේ පැවති උත්සවයකට සහභාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි තිබුණි.

එම අවස්ථාවට හිටපු ජනපතිවරයාගේ සුව දුක් සොයා බැලීම සඳහා ප්‍රදේශයේ ජනතාවද පැමිණ සිටියේය.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා සඳහන් කළේ ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ බවයි.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්වය කොහොමදැයි විමසීය. “ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ, කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිතුරු දුන්නේය.