24 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටිපර් රථයකට යටවී සිව්හැවිරිදි දරුවෙකු මරුට

ටිපර් රථයකට යටවී සිව්හැවිරිදි දරුවෙකු මරුට

අම්පාර මහ රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික මාරුව හරහා (22) දින ප.ව. 6.15ට පමණ ගමන් කරමින් සිටි සිව්හැවිරිදි පිරිමි දරුවෙකු සහ දරුවාගේ පුංචි අම්මා බව කියන කාන්තාවක් ටිපර් රථයකට යටවීමෙන්, දරුවා එම ස්ථානයේදීම මියගොස්, 27  හැවිරිදි පුංචි අම්මා බරපතල තුවාල ලබා රෝහල් ගතකල බව, අම්පාර පොලිසිය පවසයි.

රෝහල් ගතව සිටි දරුවාගේ මව බැලීම සදහා උහන 22 ජනපදයේ සිට පුංචි අම්මා සහ ආච්චී සමග රෝහලට පැමිණ ආපසු යෑම සදහා රෝහලෙන් පිටතට පැමිණ පදික මාරුව මතින් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටිය දී කල්මුණ හංදිය දිහාවෙන් පැමිණි ටිපර් රථයකට පුංචි අම්මා සහ දරුවා යටවී ඇතිබව, මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.

අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතා විසින් සැකකරු සිද්ධිය වූ අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.