28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙසැම්බර් 31ට පෙර විශේෂ රියදුරු බලපත්‍රය අනිවාර්යයි

දෙසැම්බර් 31ට පෙර විශේෂ රියදුරු බලපත්‍රය අනිවාර්යයි

පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලු ම රියැදුරන් මගී ප්‍රවාහන රියැදුරු අවසර පත්‍රය ලබා ගැනීම අනිවාර්‌ය කරෙන බව ප්‍රවාහන, මහාමාර්‌ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ අනුව, පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලු ම රියැදුරන් මේ වසරේ දෙසැම්බර් 31 වන දාට පෙර මෙම විශේෂ රියැදුරු බලපත්‍රය ලබාගත යුතුව තිබේ.

පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලු බස් වෑන් රථ, පාසැල් වෑන් රථ, කාර්‌යාල සේවකයින් ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් මෙම මගී ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්‌ය වේ.

මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරුන්ට මෙම පුහුණුව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් අදාළ පුහුණුව ලංගම මගින් ලබා දීමට අමතරව තවත් පුහුණුව ලබා දිය හැකි රජයට සම්බන්ධ ආයතන ඇතිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ලොරි හා ට්‍රක් රථ සඳහා රියැදුරු සහායකයෙකු අනිවාර්‌ය කිරීම, රියැදුරන්ගේ විඩාව, නින්ද අධීක්‍ෂණය කිරීමට සහ අපරික්‍ෂාකාරී ධාවනය පිළිබඳ සංඥා ලබා දීමට කෘතීම බුද්ධි උපකරණ පද්ධති සවිකිරීම, රියැදුරු වෘත්තීයභාවය ඉහළ නැංවීමේ ක්‍රියායාමාර්ග ගන්නා බව ය.