25 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතලාවේ මාරක අනතුරක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි

තලාවේ මාරක අනතුරක් – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (25) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව වාර්තා වේ.

වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.