25 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභික්ෂූන් වහන්සේලා 7 කට ජීවිත අහිමි කළ නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුර

භික්ෂූන් වහන්සේලා 7 කට ජීවිත අහිමි කළ නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුර

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මෙම අනතුරින් අපවත් වූ ස්වාමීන් වහන්සේලා අතර රුසියානු ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ කාම්බෝජ හිමිනමක් සිටින බවයි වාර්තා වන්නේ.