විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා පවසන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට ආණ්ඩුවෙන් විසඳුම් නොලැබුණහොත් මීළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවා නොගැනීමට ආචාර්යවරු තීරණයක් ගන්නා බවයි.
ඔහු වැඩිදුරටත් පැවසූවේ රජයෙන් අවශ්‍ය සම්පත් ලබානොදී නවක සිසුන් බඳවා ගන්න යැයි ආචාර්යවරුන්ට උපදෙස් නොදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ආචාර්ය හිඟය, ප්‍රතිපාදන කප්පාදුව, භෞතික හා මානව සම්පත් ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට උනන්දුවක් නොමැති බැවින් සිසුන් ගස් යට තබාගෙන ඉගැන්වීමට සිදුව ඇතැයි හෙතෙම පැවසීය.
පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව සමඟ පැවැත් වූ සියලු සාකච්ඡා අසාර්ථ වූ බව කී වීරතුංග මහතා ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පමණක් ඉල්ලීම් දිනාගැනීමට තීරණය කළ බවත්, එහි පළමු පියවර වශයෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල ඊයේ දින උද්ඝෝෂණ හා සංකේත වැඩ වර්ජනයක් සාර්ථකව සිදුකළ බවත් ප්‍රකාශ කළේ ය.
එසේ ම ඉදිරියේදී විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳව සමාජය තුළ කතිකාවක් නිර්මාණය කරන බව ද සභාපතිවරයා පැවසීය.