ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති රැසක් ක්‍රියාත්මක කරන ‘අකුරට වැඩකිරීම’ ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබන අඟහරුවාදා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (3) පැවසීය.
‘අකුරට වැඩකිරීම’ වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක වන බවත් කම්කරු දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡාවල ප්‍රතිඵලය මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් ඒ මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව එහි වෘත්තීය සමිති 25 ක් පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එම වෘත්තිය ක්‍රියාමාර්ගය වර්ජනයක් දක්වා දැඩි කරන බව පැවසුව ද එම මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට බලධාරීහූ පියවර ගත්හ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය මස 21 වැනිදා නිකුත් කළේය.