23 C
Colombo
Saturday, October 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආණ්ඩුව හොඳ ගමනක් යනවා

ආණ්ඩුව හොඳ ගමනක් යනවා

ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන ඉදිරියට යමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය.

මේ ගමනේදී ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ලංකාවට උදව් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර අයෝජකයන් රටට නොපමාව කැඳවාගත යුතු බව ද අවධාරණය කළේය.

ආණ්ඩුව ශක්තිමත් වෙමින් පවතින බවත් විපක්ෂය දවසින් දවස දුර්වල වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

එස්බී දිසානායක මහතා මෙසේ පැවසුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.