27 C
Colombo
Saturday, October 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රගතියක් – අයි.එම්.එෆ්. කියයි

ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රගතියක් – අයි.එම්.එෆ්. කියයි

ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් ඉදිරියට ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් පැවසුවාය. ඇය මෙසේ ද කීවාය

“ආපසු හැරී බැලුවහොත්, අපගේ විධායක මණ්ඩලය ජූලි මාසේ ශ්‍රී ලංකාව සමග සිව්වැනි සමාලෝචනය අවසන් කළා. මෙය ශ්‍රී ලංකාවට එහි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් ලබා දුන්නා. ඒ වගේම එය අයිඑම්එෆ් වෙතින් ලැබුණු සම්පූර්ණ මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 1.74 දක්වා ගෙන ආවා. මට එකතු කළ හැකි කරුණක් නම්, ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් ඉදිරියට ගොස් තිබෙන බවයි. මීළඟ සමාලෝචනයේ කාලසීමාව සම්බන්ධයෙන් මට කිව හැක්කේ, පස්වන සමාලෝචනය පැවැත්වීම සඳහා අපගේ දූත පිරිසක් දැන් ශ්‍රී ලංකාවේ සිටින බවයි. කණ්ඩායම දැනට බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බැවින්, දූත මෙහෙවර අවසානයේදී කණ්ඩායම නිල සන්නිවේදනය කරනු ඇත.”