31 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමටගොඩ පාළු නිවසක සඟවා තිබූ ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සොයාගනී

දෙමටගොඩ පාළු නිවසක සඟවා තිබූ ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සොයාගනී

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත දෙමටගොඩ බේස්ලයින් පාරේ කැළණිවැලි දුමර්ය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබූ ගිනි අවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී56 මැගසිනයක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බොරැල්ල, වනාතමුල්ලේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක්වන දුමින්දගේ සහ චතුගේ පාර්ශවය අතර පවතින ගැටුමක් සම්බන්ධයෙන් එක් පාර්ශවයක පුද්ගලයෙකු ඝාතනය කිරීමට මෙම ගිනි අවිය සඟවා තබා ඇති බවයි.

මෙලෙස සොයාගත් ගිනි අවිය මිලිමීටර් නමය උණ්ඩ යෙදිය හැකි දේශීයව නිෂ්පාදනය කරන ගිනි අවියක් බවයි පොලිසිය සඳහන් කළේ.