31 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිමල්ට තංගලු එන්න වෙනත් දිනයක් ඕනෙලු

විමල්ට තංගලු එන්න වෙනත් දිනයක් ඕනෙලු

තංගල්ල පොලිසියට තමා අද දින (06) නොයන බවත් ඵ් සඳහා තමන් වෙනත් දිනයක් තංගල්‍ල පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරනවා.

එම දිනය අද දවස තුළ තමාට දැනුම් දීමට නියමිත බවද විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අද (06)වෙනි දින තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ(05) දින ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අද දින අප කළ විමසුමකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද දින තමා තංගල්ල පොලිසියට නොයන බවත් ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටි බවයි.

විමල් විරවංශ හිටපු අමාත්‍යවරයා මීට දින කිහිපයකට කරන ලද ප්‍රකාශයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම පොලිසිය විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.