25 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“පරිසර නියමු දකුණු පළාත් කඳවුර” අද සිට ඇරඹෙයි

“පරිසර නියමු දකුණු පළාත් කඳවුර” අද සිට ඇරඹෙයි

මධ්‍යම පරිසර අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන “ජාතික පරිසර නියමු වැඩසටහනේ”, “පරිසර නියමු දකුණු පළාත් කඳවුර” 2025 අද (08), හෙට (09) සහ අනිද්දා (10) යන දිනයන් හි දී පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.

ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේ රජත පදක්කම් (Silver Medal) ලබා ගත් පරිසර නියමුවන් එකසිය හතළිස් දෙදෙනෙකුගේ සහ ගුරු මහත්ම මහත්මීන් තිස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගාල්ල, වක්වැල්ල කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදීයි මෙම කඳවුර පැවැත්වීමට නියමිත වී ඇත්තේ.

කඳවුර පවත්වන දින තුනක කාලයේ දී පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්‍රදානය සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර නායකත්ව පුහුණු වැඩසටහනක්, පරිසර නියමු දරුවන් විසින් නිපදවනු ලැබූ පරිසර හිතකාමී නව නිපැයුම් ප්‍රදර්ශනයක්, හියාර පරිසර පද්ධතියේ පරිසර අධ්‍යාපන වැඩසටහනක්, පාරිසරික ආකල්ප වර්ධනය කිරීම සඳහා වැඩමුළු, යෝගී භාවනා වැඩසටහනක්, සංස්කෘතික පරිසර ගී සැදෑවක් සහ ශාරීරික සුවතා වැඩසටහනක් පැවැත්වීමට
කටයුතු සූදානම් කර තිබෙනවා.

දරුවන්ගේ පාරිසරික දැනුම වර්ධනය කරමින් පරිසර සංරක්ෂණ ක්‍රියාකාරකම් වෙත ප්‍රායෝගිකව යොමු කිරීම වැඩසටහනේ අරමුණයි.

11 වන වරට පවත්වනු ලබන “පරිසර නියමු දකුණු පළාත් කඳවුර” මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය විසින් සංවිධාන කරනු ලබනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. කේ. ආර්. පතිරණ මහතා, දකුණු පළාත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් “පරිසර නියමු දකුණු පළාත් කඳවුර” පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.