25 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීට කලින් තිබුණු ඕනෑම රජයකට වඩා, මේ රජය දහස් ගුණයක් හොඳයි

මීට කලින් තිබුණු ඕනෑම රජයකට වඩා, මේ රජය දහස් ගුණයක් හොඳයි

අඩුපාඩු තිබුණද,වත්මන් රජය පෙර පැවති රජයයන්ට වඩා දහස් ගුණයකින් හොඳ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඒ අනුව, දූෂිතයන් ආරක්ෂා නොකර සිටීම සඳහා වත්මන් රජයට ‘කොන්ද පණ ඇති’ බවයි උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මින් පෙර, ඕනෑම ‘හොරෙකුට’ ඕනෑම සොරකමක් සිදුකර, සල්ලි ඇත්නම් හෝ මැර බලය ඇත්නම් ‘පස්සා දොරෙන් රිංගා’ බේරී යෑමට හැකියාව තිබුණු බවද, එහෙත් වත්මන් ආණ්ඩුව විසින් ‘පස්සා දොරෙන්’ පැමිණ, වංචාකාරයන්ට බේරීමට තිබෙන අවස්ථාව අවහිර කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පවතින දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙන ගොස් පාලනය කරන්නේ රාජපක්ෂවරුන් බවත්, අයියලා, මල්ලිලා, තාත්තලා, බාප්පලා, පුත්තු ඔක්කොම එකතු වී මේ දූෂිත ජාලය සම්පූර්ණයෙන් පාලනය කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ දූෂිතයන්ට මෙය රස වැටුණු පසු, ‘කොටියාට ලේ රහ වැටුණා’ මෙන් බවත්, හිර ගෙවල් දහසක දැම්මද ඔවුන් එය අත් නොහරින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.