25 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය අද

ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය අද

ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10වන දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද (08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ සමරනු ලබන මෙම දිනය මෙම වර්ෂයේ දී “ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට” යන්න තේමා කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙහි දී කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා “හදිසි ආපදාවක දී මානසික සෞඛ්‍ය සදහා ප්‍රවේශය” යන තේමාව යටතේ විශේෂ දේශණයක් පැවැත්වීම නියමිත අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නොවිල් විජේසේකර මහතා “හදිසි අවස්ථාවක දී සාමුහික වගකීම” යනුවෙන් දේශනයක් ද පැවැත්වීමට ද නියමිතයි.

මානසික සෞඛ්‍ය වෙනුවෙන් දිනයක් වෙන් කීරීමේ මූලික පරමාර්ථය නම් ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය වර්ධනයට සහය වීම සඳහා ගනු ලබන උත්සාහයන් දිරිගැන්වීමයි.

මානසික සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන පාර්ශවයන්ට මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව කතිකා කිරීමට සහ ලොව පුරා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා තවදුරටත් කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට මෙම දිනය ඉතා වැදගත් වෙනවා.

ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.

එය ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යට, අනෙක් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරයට, එසේම ජීවනෝපායට පවා බලපෑම් ඇති කල හැකි බවත්, නව යොවුන් වියේ පසුවන්නන් සහ යෞවනයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමක් දැක ගත හැකි බවද එම සංවිධානය සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද, විශයට අඳාළ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන්, රාජ්‍ය නිලධාරීන්,ප්‍රජා සංවිධාන,සිවිල් සංවිධාන නියෝජනය කරමින් පිරිසක්ද එක්වීමට නියමිතයි.