32.8 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් පෙට්ටියක සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් හමු වෙයි

තැපැල් පෙට්ටියක සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් හමු වෙයි

විශ්‍රාමික පොලිස් පරීක්‍ෂකවරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක තැපැල් පෙට්ටියක සඟවා තිබියදී ටී -56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 48ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 6 ක් සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා තම නිවසේ ලියුම් පෙට්ටිය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී ඊට අලුතින් ඉබි යතුරු දමා අගුළු ලා තිබු බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඉන් පසුව තවත් තරුණයෙක් සමඟ එක්ව ඔහු එම අගුළු බිඳ ලියුම් පෙට්ටිය විවෘත කර තිබුණා.

අදාළ ජීව උණ්ඩ තොගය හමුවී ඇත්තේ එම අවස්ථාවේදීයි.

මෙම ජීව උණ්ඩ මෙම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සොයා පොලිසිය විමර්ශන සිදුකරනවා.