26 C
Colombo
Thursday, October 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් ඊයේ (8) පස්වරුවේ කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ දී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව හෙරොයින් කිලෝ 9ක්, අයිස් කිලෝ 2 හා හෑෂ් කිලෝ 1ක් තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය අපරාධ විමර්ශන කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔවුන් විසින් සැකකරුවන්ව කඩවත පොලීසිට භාරදීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක කාන්තාවක් සහ 26ක පිරිමි පුද්ගලයෙක්.

ඔවුන් අද (9) දිනයේ දී මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.