26.1 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් ( 22 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර ඇත්තේ.

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, අනතුරුව පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන්කර තිබෙනවා.

පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2451/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය සහ (52 අධිකාරය වූ) සුරා බදු ආඥා පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදයට පැවැත්වීමට නියමිතව තිබෙනවා.