25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටීචර් අම්මා, පහේ හපනුන් ඇගයීමට ලක්කරයි

ටීචර් අම්මා, පහේ හපනුන් ඇගයීමට ලක්කරයි

ලංකාවේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව උපකාරක පන්ති දේශකවරියක් වන ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දක්ශතා දැක්වූ හපනුන් ඇගයීමේ උත්සවයක් Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පසුගිය 20 වන දා පවත්වනු ලැබුවා.

සිව්වන වරට පැවති මෙම ඇගයිම් උළෙල Queens Education Group ආයතනය විසින් සංවිධානයකර තිබෙනවා.

ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු දරුවන් කෙරෙහි දක්වන ආදරය නිසාවෙන්ම මේ වනවිට “ටීචර් අම්මා” යන නාමයෙන්ද ඇය මෙරට තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

මේ නිසාම අද වෙද්දි ඇයට “ටීචර් අම්මා” යන brand name එකද ඇයගේ පන්තියට සහභාගි වන දරුවන් විසින්ම ලබාදී තිබෙනවා.

මෙවර මෙම ඇගයිම් උළෙල අධියර 02 ක් යටතේ පැවති අතර, ශිෂ්‍යත්ව සමත් දරුවන් 6,000 කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වී තිබූ අතර එම සෑම දරුවෙක්ටම සම්මානයක් වගේම පදක්කමක් හා සහතිකපත්‍ර ප්‍රධානය කිරීම මෙහිදී සිදුවුණා.

පැමිණි පනස්දහසකට අධික සංඛ්‍යාත දරු දැරියන් හා දෙම්ව්පියන් සමඟ ඡායාරූප ද ලබා ගැනීමට ද ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු ගුරුතුමිය එක් වුණා.

තවද කුඩා දරුවන් ඇයට තුරුළුවීමට උත්සහ කිරීම ද දේශකවරිය හා දුවා දරුවන්ට ඉතාමත් සංවේදී අවස්තාවක් ද වී තිබෙනවා.

ඒ වගේම ආදරණීය දරුවන් ට සහ ආදරණීය දෙමාපියන්ට උපහාරයක් ලෙස වෙනත් වසර වල මෙන් මෙවරත් උඩුගුවනේ සිට ලබා දුන්” ආදරණී මල් වැස්ස” පැමිණි පිරිසකගේ ප්‍රශංසාවට ලක්වුණා.