28.4 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේරළ ගංජා 196kg ක් එක්ක හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු මාට්ටු

කේරළ ගංජා 196kg ක් එක්ක හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු මාට්ටු

දොම්පේ පොලිස් වසමේ නාගහදෙණිය, පාළුගම, දොම්පේ ස්ථානයේ දී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 196, ග්‍රැම් 218 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක් වන දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තවද, අත්අඩංගුවට ගත් පුද්ගලයා මහා පරීමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරවෙකු වන හා මෙරට තුල විවිධ ප්‍රදේශයන් වලට මත්ද්‍රව්‍ය බෙදා හරිමින් දැනට අධිකරණය මගහැර වරෙන්තු ලබා මෙරට සැඟව සිටින සෙම්බුකුට්ටි ආරච්චිගේ ඩිලාන් දනුෂ්ක ලක්මාල් නැමැත්තාගේ මස්සිනා වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු ශ්‍රී ලංකා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ෆලයිට් සාජන්වරයෙකු ලෙස සේවය කර 2022 ජනවාරි මස විශ්‍රාම ලබා ගෙන ඇති පුද්ගලයෙකු වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දොම්පේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.