25 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජගත් මනුවර්ණට වරෙන්තු

ජගත් මනුවර්ණට වරෙන්තු

නඩු විභාගයට පෙනී නොසිටිමින් දැන දැනම අධිකරණය මගහැරියේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද වරෙන්තු නිකුත් කළේය.

රුපියල් ලක්ෂ 250 ක් ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළ අතර, පසුගිය නඩු වාරයේදී අසනීප තත්ත්වයෙන් පසුවෙනවා යැයි පවසමින් අධිකරණයට නොපැමිණ ඇති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

නඩුවක් තිබෙන බව දනිමින් ඒ සඳහා පෙනී නොසිටීම ප්‍රශ්න සහගත බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.

එක් පැමිණිල්ලක ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් 18 දෙනකු නම්කර තිබූ අතර සෙසු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

ජගත් මනුවරණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික උත්සවයකට සහභාගි වී ඇති ඇති බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වී ඇති බවය.

අධිකරණයෙ නඩුවක් තිබෙන බව දැන නොපැමිණිම ප්‍රශ්න සහගත බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කරමින් ඇපකරුවන් ට නොතිසි ද නිකුත් කළේය.