30 C
Colombo
Monday, November 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිණු කාන්තාව අද අධිකරණයට

පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිණු කාන්තාව අද අධිකරණයට

ගම්පහ, උඩු­ග­ම්පොළ ප්‍රදේ­ශයේ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ පොදු පුස්ත­කා­ලය ඉදි­රි­පි­ටදී තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ඥාතියකු යැයි පව­ස­මින් පොලිස් නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර­මින් කළහකාරීව  හැසි­රුණු කාන්තාව අද (03) යළි ගම්පහ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තයි.

රථ­වා­හන වර­දක් සම්බ­න්ධ­යෙන් පොලිස් නිල­ධා­රීන් විසින් මෝටර් රථය නතර කිරී­මට උත්සාහ කළ අව­ස්ථා­වේදී ඔවුන්ගේ අණ නොතකා රිය ධාව­නය කළ ඇය උඩු­ග­ම්පොළ, මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ගම්පහ වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් තුසිත සෙන­රත් මහතා ඇය අද (03) තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළා.

මෙසේ බන්ධ­නා­ගා­ර­ගත කර සිටියේ කොළඹ 5, තිඹි­රි­ග­ස්යාය ප්‍රදේ­ශයේ පදිංචි ව්‍යාපා­රික කාන්තා­වක්.

සැක­කාර කාන්තාව උඩු­ග­ම්පොළ ප්‍රදේ­ශ­යේදී රාජ­කා­රියේ නියුතු පොලිස් නිල­ධා­රීන්ට සිදු කළ අයුතු අව­හි­රය ඇතුළු චෝදනා කිහි­ප­යක් ඔස්සේ අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබුණා.

ඇයට වාහ­නය නතර කරන ලෙස සංඥා කළ ද එම පොලිස් අණ නොතකා පලා ගොස් ඇති අතර, පොලිස් නිල­ධා­රීන් ඇය ලුහු­බැඳ ගොස් උඩු­ග­ම්පො­ළදී නතර කර පරීක්ෂා කිරී­මට උත්සාහ ගන්නා අව­ස්ථාවේ මේ කල­හය සිදුව තිබෙනවා.

මේ කාන්තාව රථ­වා­හන නීති කඩ­ක­ර­මින් වාහ­නය ධාව­නය කළ බව­ටත්, පරීක්ෂා කිරී­මට යෑමේදී කල­හ­කා­රීව හැසි­රුණු බව­ටත් පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු දක්වා තිබෙනවා.

සැකකාරිය කළහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ද පලවී තිබෙනවා.